Thursday, August 7, 2014

ඩෝක්කා කේක් ඈක්කා!

හිරු බබා කතා කරන්න පටන් ගත්තේ අයියට වැඩිය ටිකක් පහු වෙලා. මුලින් අපි ටිකක් ඒකට කලබල වුනාට, doctors ලා ගේ උපදෙස් නිසා කලබල නැතුව ඉවසන්න අපි හිතා ගත්තා. වයස අවුරුදු දෙකයි මාස පහක් වෙද්දී, හිරු බබා දැන් වචන ටික ටික ගලපලා එයාගේ අදහස් ප්‍රකාශ කරනවා.

අද හිරු බබා පලවෙනි වතාවට අම්මටයි, තාත්තටයි, අයියටයි අහගෙන ඉන්න කතාවක් කිව්වා. මම එයාට කීප වතාවක්ම කියල තියෙන 'කපුටා සහ කේජු කෑල්ල" කතාව එයා අලුත්  අලුත් විදියකට කිව්වා. මේ කතාවේ ආදර්ශය පොඩි ළමයින්ට හරිම වැදගත්.

මෙන්න කතාව. හිරු බබාගේ භාෂාවේ හරි සිංහල පරිවර්තනය වරහන් ඇතුලෙ.

හිරු: "කාක්කා කේක් ගාවා" (කාක්කා කේක් කෑල්ල අරගෙන ගහ උඩ හිටියා)
මම: "ඉතින්"
හිරු: "නායියා ආවා" (නරියෙක් එතෙන්ට ආවා)
මම: "නරියා මොකද කලේ?"
හිරු: "කේක් කීවා" (නරියා කේක් ඕන කීවා)
හිරු: "කාක්කා කේක් ඩොක්කා උවා" (කාක්කාගේ කටින් කේක් කෑල්ල වැටුනා)
මම: "ඉතින් ඊට පස්සේ?"
හිරු: "නායියා ගියා" (නරියා ගියා)
මම: "ඇයි නරියා කේක් කෑල්ල කෑවේ නැද්ද?"
හිරු: "නෑ....ඩෝක්කා කේක් ඈක්කා!" (නෑ... බිම වැටුණු කේක් වල කුණු!)

ඇත්ත නේ... බබාට අම්මා කියල තියෙන්නේ බිම වැටුණු කෑම "ඈක්කා" කියල නේ. ඉතින් කවුද ඈක්කා දේවල් කන්නේ, නේද?

Thursday, July 31, 2014

තත්සි ගේ සමනල භීතිකාව [Butterfly Phobia]

තත්සි පුංචිම කාලේ සමනලුන්ට හරිම ආසයි. එත් ටිකක් ලොකු වෙන කොට, ඉස්කෝලේ එහෙම යන්න පටන් ගත්තට පස්සේ, සමනලයෙක් දකිනකොට මෙයා පණ එපා කියල දුවන්න ගන්නවා. එක පාරටම හැදුනු මේ butterfly phobia එක මොකද්ද කියල අපිටත් හරිම ප්‍රශ්නයක්.

මේක මේ විදියට ටික කාලයක් වුනා. අපිත් ඉතින් ඕක එච්චර ගණන් ගන්න ඕන දෙයක් නෙවයි කියල ඔහේ හිටියා.

ලඟදි දවසක් සිද්දවෙච්ච කතාවකින්, මේ සමනල භීතිකාවට හේතුව මොකක්ද කියල අපි දැනගත්තා.

"අම්මා... සමනල්ලු හැදෙන්නේ දළඹුවොන්ගෙන් නේ... දළඹුවෝ අපේ ඇගේ ගෑ වුනාම කසනවා නේ... ඉතින් සමනල්ලුත් අපේ ඇඟේ ගෑ වුනාම කසනවා ඇති"
"ඒක නිසාද ඔයා සමනල්ලු දැක්කම පණ කඩාගෙන දුවන්නේ"
"හ්ම්...."

ඔන්න ඕක තමයි බලාගෙන යනකොට තත්සි බබාගේ සමනල භීතිකාවෙ හේතුව!

Thathsi used to love butterflies when he was a baby. But, as he grew up we noticed an unusual phobia for butterflies in him. Every time he sees a butterfly flying close to him, he started to run away from it as fast as he can.

This went on like this for some time. We didn't pay much attention to it, thinking that this isn't big deal.

Recently he revealed the reason for his butterfly phobia.
"Amma, caterpillars turn into butterflies as they grow... When caterpillar touches our skin it's itching and irritating no?. I guess even butterflies can be itchy if they touch our skin"

"So that's why you run away every time you see a butterfly?"

"Hmmm.."

Well, now we know the reason behind Thathsi's butterfly phobia! 

Monday, July 28, 2014

හිරු බබාගේ පලවෙනි ප්‍රශ්ණය

මේ blog URL එක යන්නේ Thathsi and Hiru Ask කියල. ඉතින්, ලඟදි දවසක් පුංචි හිරුත් එයාගේ පලවෙනි ප්‍රශ්නේ තාත්තාගෙන් ඇහුවා.
මොකක්ක්ද දන්නවද ප්‍රශ්නේ?

"ඇයි ඒ?"

ඔය පලවෙනි පියවර විතරයි.. ඉස්සරහට ප්‍රශ්ණ කෝටියකට උත්තර දෙන්න වෙයි...