Showing posts with label hiru. Show all posts
Showing posts with label hiru. Show all posts

Thursday, August 7, 2014

ඩෝක්කා කේක් ඈක්කා!

හිරු බබා කතා කරන්න පටන් ගත්තේ අයියට වැඩිය ටිකක් පහු වෙලා. මුලින් අපි ටිකක් ඒකට කලබල වුනාට, doctors ලා ගේ උපදෙස් නිසා කලබල නැතුව ඉවසන්න අපි හිතා ගත්තා. වයස අවුරුදු දෙකයි මාස පහක් වෙද්දී, හිරු බබා දැන් වචන ටික ටික ගලපලා එයාගේ අදහස් ප්‍රකාශ කරනවා.

අද හිරු බබා පලවෙනි වතාවට අම්මටයි, තාත්තටයි, අයියටයි අහගෙන ඉන්න කතාවක් කිව්වා. මම එයාට කීප වතාවක්ම කියල තියෙන 'කපුටා සහ කේජු කෑල්ල" කතාව එයා අලුත්  අලුත් විදියකට කිව්වා. මේ කතාවේ ආදර්ශය පොඩි ළමයින්ට හරිම වැදගත්.

මෙන්න කතාව. හිරු බබාගේ භාෂාවේ හරි සිංහල පරිවර්තනය වරහන් ඇතුලෙ.

හිරු: "කාක්කා කේක් ගාවා" (කාක්කා කේක් කෑල්ල අරගෙන ගහ උඩ හිටියා)
මම: "ඉතින්"
හිරු: "නායියා ආවා" (නරියෙක් එතෙන්ට ආවා)
මම: "නරියා මොකද කලේ?"
හිරු: "කේක් කීවා" (නරියා කේක් ඕන කීවා)
හිරු: "කාක්කා කේක් ඩොක්කා උවා" (කාක්කාගේ කටින් කේක් කෑල්ල වැටුනා)
මම: "ඉතින් ඊට පස්සේ?"
හිරු: "නායියා ගියා" (නරියා ගියා)
මම: "ඇයි නරියා කේක් කෑල්ල කෑවේ නැද්ද?"
හිරු: "නෑ....ඩෝක්කා කේක් ඈක්කා!" (නෑ... බිම වැටුණු කේක් වල කුණු!)

ඇත්ත නේ... බබාට අම්මා කියල තියෙන්නේ බිම වැටුණු කෑම "ඈක්කා" කියල නේ. ඉතින් කවුද ඈක්කා දේවල් කන්නේ, නේද?